
මුදල් නොමැතිකම හේතුවෙන් සැලසුම් කළ පරිදි මාර්තු 9 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම පෙබරවාරි 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කළේය. ඒ, බොහෝ දෙනා අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට පෙබරවාරි 17 වැනිදා නිවේදනයක් නිකුත් කිරීමත් සමඟයි. තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙබරවාරි 22, 23, 24 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබුණි.
ඒ මාර්තු මස 09වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසූන්දර මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමත් සමග.

පෙත්සම්කරු විසින් මීට පෙර අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් තැපැල් ඡන්දය පැවැත්වීමට පෙර එනම් ඊයේ (22) දිනට පෙර අදාළ පෙත්සම සළකා බැලීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කළා.
නමුත් මෝසමක් මාර්ගයෙන් පෙත්සම පසුගිය 20වනදා සලකා බලන අවස්ථාව වනවිටත් මුදල් ප්‍රතිපාදන ගැටළුවක් මත තැපැල් ඡන්දය පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් ගොස් තිබුණ බැවින් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙත්සම යළි කැඳවීම පෙර නියම කළ පරිදි අද (23) දිනට සිදුකරණ ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා සහ අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද විරුද්ධත්වයක් පළ නොකළ බැවින් පෙත්සම අද කැඳවීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීරණාත්මක අධිකරණ තීන්දුව අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම තීන්දුව රටේ සැමට බලපාන තීරණාත්මක අධිකරණ තීන්දුවක්.