image
image
අංගොඩ මානසික රෝහලේ ඇති 1928 ඉදිකළ දැනට භාවිතයට නොගන්නා පාටි වාට්ටුව ලෙස හැඳින් වූ ගොඩනැඟිල්ල

ශ්‍රී ලංකාව තුළ පැවති දේශීය වෛද්‍ය ක්‍රමය වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමය ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් බටහිර වෛද්‍ය ක්‍රමය උපයෝගි කර ගනිමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලදි. ඒ අතර දෘශ්‍යාබාධිත පුද්ගලයන් ඉලක්කගත කණ්ඩායමක් විය. සර් ජෝශප් වෙස්ට් රිජ්වේ (ක්‍රි.ව.1896-1903) ආණ්ඩුකාරවරයාව සිටි අවධියේ වික්ටෝරියා මහ රැජිණ රාජ්‍යත්වයට පත් ව 1897වන විට වසර හැටක් සම්පූර් වීම නිමිති කරගෙන රිදී ජුබිලිය සමරන ලදී. මෙකල ජේ.ඩබ්ලිව්.සී ද සොයිසා මහතාගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරන ලද සමාජ සේවා වැඩසටහන තුළ ‘වික්ටෝරියා අනුස්මරණ නයනාරෝග්‍ය ශාලාවට’ මුල් ගල තබන ලදී(ම.ව.1955:772). මෙම ‘නයනාරෝග්‍ය ශාලාව’ අදවන විට හඳුන්වනුයේ ‘කොළඹ අක්ෂි රෝහල’ ලෙස ය(https://www.gossiplankanews.com). මෙම රෝහල පිහිටුවීම බ්‍රිතාන්‍ය පාලන සමයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සිදු කළ තවත් එක් කටයුත්තක් පමණි. ‘නයනාරෝග්‍ය ශාලාව’ පිහිටුවීම හෙළිවන තවත් කරුණක් ලෙස පුද්ගලයන්ට ඇති වන විවිධ බාධක තත්ත්ව දුරලීම උදෙසා ධනවතුන්ගේ මැදිහත් වීමක් තිබූ බවත් ඔවුන් කළ දේවල් වල ප්‍රතිලාභ අදටත් විඳින්නට හැකි ව තිබීමත් බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

පූර් යටත් විජිත යුගයේදී ආබාධිතභාවය කර් සංකල්පය මත පදනම් වූ පුද්ගලානුබද්ධ කාරණාවක් වුව ද පශ්චාත් යටත් විජිත යුගයේදී එය සමාජානුබද්ධ කාරණාවක් බවට පත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ආබාධිත පුද්ගලයන් නිවාස ගත කිරීම ආරම්භ විය. නිවාසගත කිරීමේ පළමු පියවර ආරම්භ වූයේ ‘සර් ආතර් හැමිල්ටන් ගෝර්ඩන්’ (ක්‍රි.ව.1883-1890) මෙරට ආණ්ඩුකාර පදවිය දැරූ සමයේ ය. වික්ටෝරියා අධිරාජිණිය ඔටුනු පළඳා වසර 50ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන 1887 වර් ශ්‍රී ලංකාව තුළ ද උත්සව පවත්වා එය සමරන ලදී(ම.ව.1955:710). එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව.1888 මාර්තු මස 13 වන දින ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ආරම්භ කළ නිවාසය වික්ටෝරියා අධිරැජිනට ගෞරවයක් ලෙස ‘වික්ටෝරියා හෝම්’ ලෙස නම් කරන ලදී(https://www.ravaya.lk). රාජගිරිය ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිවාසය අදටත් ආබාධ සහිත පිරිස් සිය ජීවිතය ගත කරන ක්‍රියාත්මක තලයේ පවතින නිවාසයකි. නිවාසගත කිරීමක් දක්වා යෑමට තරම් ප්‍රබල සමාජ ගැටලුවක් බවට ආබාධ සහිත පුද්ගලයන් පත් වූවා ද යන්න මෙහිදි මතුවන ගැටලුවකි. එමඟින් ආබාධිත පුද්ගලන් පවුලෙන් වෙන් කර එවන් පුද්ගලයන් රැසක් එක තැන වාසය කරන අන්දමේ, සමාජයෙන් වෙන් කොට සුබසාධන මත යැපෙන ආකාරයේ නිවාසගත කිරීමක් විය. ආබාධ සහිත පුද්ගලයෙකු පෝෂණය කිරීමේ, රැකබලා ගැනීමේ හැකියාවක් නොමැති පවුල් සඳහා මෙම ක්‍රමය වඩාත් ප්‍රයෝනවත් වන්නට ඇත. සාමාන්‍ය සමාජය තුළ අනාරක්ෂිත වන ආබාධිත පුද්ගලයන්ට මෙය කදිම නිවහනකි. නමුත් පවුලක ආදරය රැකවරණය අහිමි වීම තුළ විශේෂ රැකවරණයක් අවැසි එවන් පිරිසකගේ මානසික තත්ත්වය කුමන මට්ටමක පවතින්නට ඇත්දැයි සාමාන්‍ය මිනිසෙකුට නොවැටහෙනු ඇත. මෙම නිවාසගත කිරීමේ නූතන නිශේධනීය ප්‍රවණතාවය වනුයේ ආධාර උපකාර, පරිත්‍යාග සහ දානමාන ආදියෙන් යැපෙන්නට හුරුකරන ලද ආබාධිත ප්‍රජාවක් බිහිවීම මිස ස්වකීය ආබාධිතභාවය අභියෝගයට ලක් කරමින් ස්වකීය හැකියාවන් ගෙන් ප්‍රයෝජනයක් ගැනීමට අවස්ථාව උදාකර ගත් ප්‍රජාවක් බිහි නොවීමයි.

image 1
වික්ටෝරියා නිවාසය

සාමාන්‍ය ජන සමාජයෙන් වෙන්ව හුදකලා කර සිදු කරන මෙම ක්‍රියාවලිය මඟින් සාමාන්‍ය සමාජ වාසීන්ට ඔවුන් තවමත් වෙන් කොට සලකන ලද ආබාධිතයන් පිරිසක් පමණක් වන්නේ ය. තවකෙකුගේ අනුකම්පාව මත යැපෙන ජීවන ක්‍රමයක් ඔවුන්ට උරුම කර දිය යුතු නැත. එවන් නිශේධනීය තත්ත්ව සාධනීය ලෙස ගොඩනඟාගත නොහැකිවීම මත නොදැනුවත්වම ප්‍රබල සමාජ ගැටලුවක් නිර්මාණය කරයි.

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ‘විශේෂ අධ්‍යාපනය’ ආරම්භ කිරීම බ්‍රිතාන්‍ය යුගයේ සිදු වූ අතිශය වැදගත් සිදු වීමකි. එම විශේෂිත අධ්‍යාපනය ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ මිෂනාරිවරුන් විසිනි. එතැන් පටන් සමාජ සේවා කටයුත්තක් ලෙස විශේෂ අධ්‍යාපනය ක්‍රමවත්ව පවත්වා ගනිමින් 1948 දක්වා ඉදිරියට ගෙන යාමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ(පෙරේරා,2011:95). ඒ යටතේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළ “රත්මලාන අඳ ගොළු බිහිරි පාසල නමින් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා කළ ප්‍රථම විද්‍යාලයයි”(https://m.facebook.com:2018). විශේෂ අධ්‍යාපනය ලබා ද’ම සඳහා සකස් වූ මෙම විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් බ්‍රිතාන්‍ය යුගයේ ආබාධ සහිත පුද්ගලයන්ගේ ඉතිහාසය පිළිබඳව අංශ ගණනාවක් ඔස්සේ තොරතුරු අනාවරණය කරගත හැකි ය. මෙම විද්‍යාලය ආරම්භ කිරීමේ පසුබිම් කතා ප්‍රවෘත්තියේ කතා නායිකාව වනුයේ මේරි එෆ් චැප්මන් මිෂනාරිවරියයි. ශ්‍රී ලංකාවේ ජීවත් වූ දෘෂ්‍යාබාධිත, ශ්‍රවණාබාධිත සහ කථනාබාධිත පුද්ගලයන්ගේ දුක්ඛිත ජීවිතය පිළිබඳ ව කියාපාමින් චැප්මන් මෙනවිය විසින් 1910 වර්ෂයේ නොවැම්බර් මස 23වන දින “රිවි කිරණ” පුවත්පතට ලිපියක් ලියන ලදී. එම ලිපිය ලක්වාසීන් මෙන් ම බ්‍රිතාන්‍යයන් අතර ද ප්‍රසිද්ධ විය. චැප්මන් මෙනවිය ලියූ ලිපිය තුළ 1901 වසරේ සිදු කළ ජන සංගණන තොරතුරු ද අන්තර්ගත කර තිබිණ. එම ජන සංගණන තොරතුරු වලට අනුව ගොළු බිහිරි පුද්ගලයන් 3238ක් ජීවත් වූ බවත් ඉන් 1103දෙනෙක් ම වයස අවුරුදු 15ට අඩු දරුවන් බවත් සඳහන් විය(පෙරේරා,2011:16). චැප්මන් මිෂනාරිවරියගේ චතුර කථිකත්වය හා උත්සහය හමුවේ දසතින් ආධාර එකතු වූයේ ශ්‍රී ලංකාවේ ආබාධිතයන් සඳහා වන ප්‍රථම ව්‍යාපෘතිය දියත් කිරීමටය. චැප්මන් මිෂනාරිවරියගෙ අදහස බිහිරි පාසලක් ආරම්භ කිරීම වුවත් ‘තෝමස් ග්‍රේස්’ මහතාගේ අදහසට අනුව අඳ-බිහිරි යන අංශ දෙක සඳහා ම අධ්‍යාපන ආයතනයක් ඉදිකිරීමේ පදනම සකස් විය.

වර් 1912 දී ‘මේරි චැප්මන් මිෂනාරිවරිය’ විසින් ළමයින් 20දෙනෙකුගෙන් ‘රත්මලාන අඳ ගොළු බිහිරි පාසල’ ආරම්භ කර ඇත්තේ ඒ.ජේ.ආර්. ද සොයිසා මහතා පරිත්‍යාග කළ අක්කර පහක භූමිය තුළයි. මෙම කර්ව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කළ කණ්ඩායම වූයේ, විදුහල්පති – මේරි එෆ් චැප්මන්, බිහිරි අංශය භාර ගුරුවරිය – කේ.එන්. මේස්, අන්ධ අංශය භාර ගුරුවරිය – ඊ.පී.බෝසර් හා පුහුණු හෙදිය මෙන් ම නිවාස පාලිකාව වූ ලිලියන් මානගේ යන පිරිසයි. මොවුන් විසින් ආබාධිත දරුවන්ට නවාතැන්දීම සඳහා මාසික කුලියට දෙහිවල පිහිටි නිවසක් ලබා ගැණුනේ පවුම් 48ක මුදලකට ය. නමුත් පසු කාළීනව වර් 1926දී ‘අබ්දුල් ගපූර්’ නම් මහතා මෙම විද්‍යාලයට තවත් අක්කර පහක භූමියක් පරිත්‍යාග කළ අතර මෙම භූමිය තුළ නාන කාමර සහිත නේවාසිකාගාරයන් සහ කුඩා රෝහලක් ඉදි කෙරිණ(පෙරේරා,2011:19). එමඟින් කුලී පදනම මත සපයා ගත් නේවාසික අවශ්‍යතාවය නොමිලයේ සපුරා ගැනීමට අවස්ථාව හිමිවිය. තව ද 1926සිට ම මෙම විද්‍යාලය සඳහා භාවිත කළ වෑන් රථයක් පිළිබඳ ව තොරතුරු සඳහන් වේ(පෙරේරා,2011:44). 1933 සිට එංගලන්ත සභාවේ පාලක මණ්ඩලයක් මඟින් පවත්වා ගෙන යනු ලබන මෙම විද්‍යාලය වර්1946 දී අන්ධ විද්‍යාලය සහ බිහිරි විද්‍යාලය වශයෙන් පාසල් දෙකක් බවට පත් කෙරිණ. අන්ධ විද්‍යාලය කේ.සී.දසනායක මහතාගේ පාලනයටත් 1924දී රත්මලාන විද්‍යාලයට පැමිණි කාටර් මෙනවිය බිහිරි විද්‍යාලයේ පාලනයටත් නතු විය(පෙරේරා,2011:22,50). මෙම විද්‍යාලයන් දෙකේම නඩත්තුව සඳහා අවශ්‍ය ආධාර අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් සැපයූ අතර අරමුදල් හා ගොඩනැඟිලි සඳහා වන ආධාර රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් ලැබී ඇත. පහසුකම් සහිත විද්‍යාලයක් බවට මෙය දියුණු කිරීමෙන් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන විශේෂ අධ්‍යාපනය කෙරෙහි බි්‍රතාන්‍ය රජය සහ එවක සිටි දානපතියන් විශේෂ අවධානයක් යොමු කළ බව පැහැදිලි ය.

මෙම විශේෂිත පාසල තුළ ගුරු-සිසු අධ්‍යාපන ක්‍රමය සාමාන්‍ය සිසුන් අධ්‍යාපනය හදාරන විද්‍යාලයකට වඩා වෙනස් විය. එම වෙනස් ගුරු-සිසු අධ්‍යාපන ක්‍රමය අවස්ථා කිහිපයක දී සකස් වූ ආකාරය පිළිබඳ ව අනාවරණය කරගැනීමේ දී කරුණු ගණනාවක් හෙළි කර ගැණින. පාලක අනුග්‍රහය ඉතා ඉහළින් පැවති මෙම පාසලේ ගුරු මණ්ඩලය වාර්ෂිකව ලබන වැටුපෙන් 75%ක පමණ මුදලක් ආධාර මුදල් ලෙස නඩත්තුවට ගෙවා ඇත. එසේ ම වර් 1919 වනවිට ළමුන් 18දෙනෙකුට එක් ගුරුවරයෙකු බැගින් පත් කළ අතර පසුව එය ළමුන් 10කට එක් ගුරුවරයෙකු බැගින් පත් කරන ලදි. ආබාධ සහිත දරුවන්ට සාමාන්‍ය දරුවන්ට මෙන් අධ්‍යාපනය හැදෑරීම සිදුකළ නොහැකි නිසාවෙන් වැඩි අවධානයක් සහිත ව ඉගැන්වීම් කටයුතු සිදු කිරීම අවශ්‍ය වන හෙයින් සීමිත පිරිසක් ඉලක්ක කර එක් ගුරුවරයෙකු යටතේ අධ්‍යාපනය ලබාදීම කළ බව මින් පැහැදිලි වේ. ඒ අනුව ආබාධ සහිත දරුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ පැවති සංවේදීතාවය නිරූපණය කරන අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය.

ක්‍රි.ව.1923 දී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එකඟත්වයෙන් බිහිරි අධ්‍යාපනය පිළිබඳ විභාගයක් පවත්වා සමත් වූවන්ට රජයේ පිළිගත් සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරිණි. ශාරීරික විද්‍යාව, මනෝ විද්‍යාව හා කථන පුහුණුව ආදි විෂයන් අළලා මෙම විභාගයට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සකස් කරන ලද්දේ 1910දී මෙරටට පැමිණි මිස්කින් මෙනවියයි. උත්තර පත්‍ර පරීක්ෂාව අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සිදු කර ඉන් ලබා දුන් සහතිකය උපයෝගී කරගනිමින් ගුරු වෘත්තියට බඳවා ගැනීම සහ වැටුප් ගෙවීමට සිදු කරන ලදී . ‘රත්මලාන අඳ ගොළු බිහිරි පාසල’ සඳහා බඳවා ගන්නා ගුරුවරුන්ටත් සාමාන්‍ය ගුරුවරුන්ට හා සමාන සුදුසුකම් තිබිය යුතුය යන නීතියත් සමඟ 1932දී ඉහත වැඩපිළිවෙළ අහෝසි කෙරිණ. මෙම නීතිය පැනවීමට හේතු වූයේ සාමාන්‍ය පාසල් වල ගුරුවරුන්ට වඩා අඩු සුදුසුකම් සහිත පිරිස් මෙම පාසලට බඳවා ගැනීමයි. නව නීතිය යටතේ 1933දී විශේෂ අවශ්‍යතා සහිත පාසල සඳහා වන ප්‍රථම පත්වීම ලබා ගත්තේ කේ.සී. දසනායක මහතා විසිනි(පෙරේරා,2011:19). සුදුසුකම් සම්පූර්ණ කළ මෙතුමා රත්මලාන පාසලට පත්වීම් ලද ප්‍රථම ලාංකික විදුහත්පතිවරයා ද විය. තව ද සිසුන් සඳහා වන අධ්‍යාපනයට අමතරව විශේෂ අවශ්‍යතා සහිත පාසල් සඳහා ගුරුවරු පුහුණු කිරීමේ කාර්යය මුලින් ම සිදු කිරීමේ ගෞරවය හිමිවන්නේ ද රත්මලාන අඳ ගොළු බිහිරි පාසලටයි. ගුරුවරු පුහුණු කිරීමෙන් පසු රත්මලාන අඳ ගොළු බිහිරි පාසලෙන් ගුරුවරුන්ට ලබාදුන් සහතිකය රජය මඟින් නීත්‍යානුකූල බවට පිළිගැණින. මෙම තොරතුරු මගින් පැහැදිලි වන්නේ බි්‍රතාන්‍ය රජයේ ඍජු මැදිහත් වීමක් ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපනය කෙරෙහි පැවති බවයි. එම පාසලේ ගුරුවරුන්ගේ සුදුසුකම් කෙරෙහි ද සැලකිළිමත් වෙමින් ආබාධ සහිත දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට බි්‍රතාන්‍ය රජය විශේෂ අවධානයක් යොමු කළ බව ද මෙමඟින් තහවුරු වේ.

රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ දෘශ්‍යාබාධිත ළමුන් සඳහා අධ්‍යාපන ක්‍රමවේදය ආරම්භ වූයේ බ්‍රේල් ක්‍රමයෙනි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බ්‍රේල් ක්‍රමය ආරම්භ 1912න් පසුව බව සඳහන් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පැවති බ්‍රේල් ක්‍රමය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඊ.ජී.බෝසර් මහත්මිය විසින් සිදුකළ අතර ලේඛන ගත කල ක්‍රමය නිසාවෙන් එය “අල-මල බ්‍රේල් ක්‍රමය” ලෙස හඳුන්වනු ලැබී ය. මෙම ක්‍රමයෙන් අධ්‍යාපනය ලැබූ ප්‍රථමයා වූයේ ‘ජෝෂප්’ නම් ද්‍රවිඩ ජාතික ශිෂ්‍යයෙකි. මෙම “අල-මල බ්‍රේල් ක්‍රමය” මඟින් රචිත “ගසේ කතාව” නම් කෘතියක් පිළිබඳව තොරතුරු වාර්තා වේ. අල-මල බ්‍රේල් ක්‍රමයට අමතර ව රත්මලානේ විද්‍යාලයේ විදුහල්පති කේ.සී.දසනායක මහතා විසින් බ්‍රේල් ක්‍රමයක් සකස් කළ අතර එය “දසනායක බ්‍රේල් ක්‍රමය” ලෙස හඳුන්වන ලදී (පෙරේරා,2011:34). මෙම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශ්‍රවණාබාධිත දරුවන් සඳහා 1938 වර්ෂයේ සමූහ සවන්හල් උපකරණ සවිකරන ලදී(පෙරේරා, 2011:50). මෙම කරුණු මඟින් සනාත වන්නේ ආබාධ සහිත පුද්ගලයන්හට එම ආබාධිතභාවය නමැති බාධකය ජය ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහය මෙම යුගයේ දි සපයා ඇති බව ය.

වර්1933 වකවානුව තුළ රත්මලාන අඳ ගොළු බිහිරි පාසලේ අධ්‍යාපනයට නව මුහුණුවරක් ලබා දෙමින් බාලදක්ෂ ව්‍යාපාරය හා කර්මාන්ත අංශ ආරම්භ කරන ලදී. එකල පාලන ව්‍යවස්ථාවේ දක්වා තිබූ නීතියට අනුව වෘත්තිය පුහුණු විෂය සඳහා ළමුන් යොමු කරවීමේ සිංහල හා ශාරීරික අධ්‍යාපනය වැනි විෂයයන් ඇතුළත් කාලපරිච්ඡේද යොදා නොගත යුතු බව විශේෂයෙන් සඳහන් කර තිබිණ (පෙරේරා,2011:53). කර්මාන්ත අංශය යටතේ රෙදි විවීම, වඩු වැඩ, මැටි වැඩ, වේවැල් වැඩ හා මැහුම් ගෙතුම් වැඩ සිදු කෙරිණ. එකල පාසලේ අධ්‍යාපනය හැදෑරු ශිෂ්‍යාවන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැති ගවුම සඳහා අවශ්‍ය නිල් රෙදි මෙන් ම ශිෂ්‍යයන්ගේ නිල ඇඳුම වූ සුදු පාට කමිසය හා කාකි කලිසම සඳහා අවශ්‍ය රෙදි සපයන ලද්දේ මෙම පාසලේ පැවති රෙදි නිෂ්පාදන අංශයෙනි. ඊට අමතරව කුඩා ළමුන්ට නිර්දෙශිත රෝස පැහැති රෙදි සහ පාසලට අවශ්‍ය වෙනත් රෙදි වර්සපයනු ලැබුවේ ද මෙම අංශය මඟිනි(පෙරේරා,2011:19). විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම් එකල පොලීස් නිළධාරින් භාවිතයට ගනු ලැබූ මේස් නිමවා තිබුණේ ද මෙම විද්‍යාලයේ පේෂ කර්මාන්ත අංශයෙන් වීමයි. ආරම්භක අවධියේ දී පාසලේ නිෂ්පාදන අලෙවිය සිදු කරන ලද්දේ පාසල තුළ පැවති අලෙවි සැලකිනි. ඒ අනුව සමාජසේවා දෙපාර්තමේන්තුවේ ‘සෙත්සලේ’ ආරම්භය මෙය වන්නට ඇති බවට මතයක් ද පවති(පෙරේරා,2011:48). මේ අයුරින් කර්මාන්ත අංශයක් ආරම්භ කිරීම බ්‍රිතාන්‍ය පාලන සමයේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් සිදුකළ වැදගත් කර්ව්‍ය බව සඳහන් කළ යුතු ය. ඉහත දක්වන ලද කර්මාන්ත වලට හුරු කිරීමෙන් ලබා දෙන වෘත්තීය පුහුණුව ආබාධ සහිත පුද්ගලයෙකු තුළ ඇතිවන වෙනත් පුද්ගලයන් මත යැපීමේ මානසිකත්වය අහිමි කරයි. ඉහත කරුණු අනුව ආබාධ සහිත දරුවන් සඳහා ලබා දෙන අධ්‍යාපනය සකස් විය යුතු ආකාරය, ඔවුන්ගේ අනාගත දිවි පැවැත්මට අධ්‍යාපනය ඵලදායී වන ආකාරය, ඔවුන්ගේ ශාරීරික හා මානසික තත්ත්වයට ඔරොත්තු දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම හා නව අධ්‍යාපන ප්‍රවණතා වලට ආබාධ සහිත දරුවන් සම්බන්ධ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මනා අවබෝධයක් සහිතව කටයුතු කළ යුගයක් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන යුගය හැඳින්විය හැකි ය.

1934න් පසුව තරමක අභාග්‍ය සම්පන්න කාලයක් උදාවූයෙන් කෙටි කාලයක් තුළ විදුහල්පතිවරුන් පස්දෙනෙකු පමණ සේවයට එක්විය. පසුකාලීනව විදුහල්පතිවරිය ලෙස පත් වූ එම්.ඕ.එම්.කාටර් මෙනවියගේ සමයේ වැඩිහිටි අන්ධ ළමුන් නේවාසිකාගාරවල රැඳි සිටීමේ බරපතල ගැටලුවට මුහුණදුන් අතර මෙම ගැටලුවට සහනදායී පිළිතුරක් ලැබුණේ නෆීල්ඩ් සාමිවරයාගේ ලංකාගමනයත් සමඟයි. මෙතුමා මුදලින් රු.35000ක් වැය කර කෝට්ටේ ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් තනා දුන් අතර බී.වික්‍රමනායක පියතුමාගේ භාරකාරිත්වය යටතේ වැඩිහිටි අන්ධ ළමුන් එහි භාරකාරිත්වය යටතේ කර්මාන්තවල නිරත කරවීය. මෙමඟින් ලැබූ දියුණුව දැක සතුටට පත් ව ඉන් පසු වසරේ සිදුකළ ලංකාගමනයේ දී තවත් රු.35000ක් වැය කර කොළඹ මල්පාරේ බෲම්හිල්හි ගොඩනැගිල්ලක් තනා දී වැඩිහිටි අන්ධ කාන්තාවන් සඳහා ගුණරත්න මහත්මියගේ භාරකාරිත්වය හමුවේ කර්මාන්තවල නිරත කරවීය(පෙරේරා,2011:39). මේ අයුරින් ආබාධ සහිත දරුවන් අධ්‍යාපනයෙන් පසු කර්මාන්ත සඳහා යොමු කිරීමෙන් ඔවුන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය පහසු කළ බව පෙනේ. එමෙන් ම රත්මලාන විද්‍යාලය ආරම්භයේ දී සැලකිල්ලට භාජනය නොවූ කරුණක් වන අධ්‍යාපනයෙන් පසු ඔවුන්ගේ ජීවිත වල පැවැත්ම රඳා පවත්වා ගන්නේ කෙසේ ද? යන පැනයට එමඟින් පිළිතුරක් සැපයුණු බව හඳුනාගත හැකි ය.

දෙවන ලෝක සංග්‍රාමය පැවති 1939-1941 අතර කාලයේ දි රත්මලානේ අඳ බිහිරි පාසල වැදගත් වූයේ එය හමුදා කඳවුරක් ලෙස යොදාගත් බැවිනි. මෙකල අඳ බිහිරි විද්‍යාලය පවත්වා ගැනීමේ බාධා ඇති වූයෙන් ආරක්ෂිත ස්ථානයක් ලෙස යටියන්තොට දුම්රිය නිවාස ලබා දී පාසල පවත්වා ගෙන යන ලදි (පෙරේරා,2011:40). මෙහිදී ආහාර පිළිබඳ වගකීම ඉසිලූ සෙනෙවිරත්න නම් මහතා වැඩිමහලු ආබාධිත ශිෂ්‍යයන්ගේ වගකීම භාරගෙන දෙහිඕවිට දුම්රිය ස්ථානයේ නවාතැන් ගෙන පසුව යටියන්තොටට පැමිණියේ ය. මෙම කාල පරිච්ඡේදය ඉතා දුෂ්කර අවධියක් වූයේ දෙවන ලෝක යුද සමයේ ජපනුන් කොළඹට බෝම්බ හෙළීම නිසා රත්මලාන විද්‍යාලය අනාරක්ෂිත වීම හේතුවෙනි(පෙරේරා,2011:,30,116). මෙම සිද්ධිය ගත්කළ ඉන් පැහැදිලි වන්නේ බි්‍රතාන්‍ය පාලකයන් විසින් ‘ආබාධ සහිත පුද්ගලයන්’ යැයි නොතකා සාමාන්‍ය පුද්ගලයන්ගේ මෙන් ම ආබාධ සහිත වූවන්ගේ ද ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමට ඔවුන්ගේ ජීවිත පිළිබඳ ව වගකීම භාරගෙන කටයුතු කළ බව ය.

image 4
රත්මලාන අඳ බිහිරි විද්‍යාලයේ පැරණි ගොඩනැඟිල්ලක්

සමාජසේවා දෙපාර්තමේන්තුවක් නොපැවතිය ද ආබාධ සහිත වූවන් උදෙසා සමාජ සේවා ක්‍රියාත්මක වූයේ බ්‍රිතාන්‍ය රජයේ මූලිකත්වය ද සහිතව ය. සමස්තයක් ලෙස ගත් කළ බ්‍රිතාන්‍ය යුගය ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ට වඩාත් සෙත සැලසුණු අවධියක් ලෙස හඳුනා ගත හැකිය. මෙහි තවත් විශේෂත්වයක් වනුයේ සමාජසේවා කටයුතු සඳහා ප්‍රභූවරුන් සහ ප්‍රභූ ආර්යාවන් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබීමයි. එවන් අවස්ථා අතර වර්ෂ 1912දී මැනිං ආර්යාවගෙ යොජනාවක් අනුව ඒ.ජේ.ආර්.ද සොයිසා මැතිණියගේ සංවිධානය යටතේ ආබාධිත පුද්ගලයන්ගේ කොඩි දිනය පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල් වල පැවැත්වෙන නත්තල් උත්සව වලට ආණ්ඩුකාරවරු සහභාගි වීම සහ Toc-H සුදු නිළධාරින්ගේ සංගමයේ සාමාජිකයන්ගේ ආර්යාවන් රත්මලාන අඳ ගොළු බිහිරි පාසල සඳහා විවිධ අයුරින් උපකාර කිරීම යනාදිය සඳහන් කළ හැකි ය(පෙරේරා,2011:33). බ්‍රිතාන්‍ය පාලන සමයේ ආබාධ සහිත දරුවන්ට ආධාර උපකාර සැපයීම රජයට පමණක් සීමා නොවූවක් බවත් රට තුළ පිළිගැනීමක් හිමිකර ගත් දානපතියන් එය සමාජ වගකීමක් ලෙස හෝ ස්වකීය සමාජ තත්ත්වය ආරක්ෂා කරගැනීමේ අරමුණින් හෝ සිය දායකත්වය ආබාධ සහිත පුද්ගලයන්ගේ අභිවෘද්ධිය උදෙසා ලබාමට කටයුතු කළ බව පැහැදිලි ය.

රත්මලාන අඳ ගොළු බිහිරි විද්‍යාලයෙන් ලබාගත් ආභාෂයෙන් ආබාධ සහිත දරුවන් සඳහා තවත් පාසල් කිහිපයක් විවෘත විය. 1935 වර්යෙ බෙල්ජියම් ජාතික සදා සරණ නිකායේ කන්‍යා සොයුරියන් විසින් රාගම ප්‍රදේශයේ ශාන්ත ජෝශප් කතෝලික අඳ බිහිරි පාසල එලෙස ආරම්භ වූ තවත් එක් විද්‍යාලයකි. කොළඹ කතෝලික දේව සභාව විසින් පාසල තැනීමට අවශ්‍ය භූමිය පරිත්‍යාග කරන ලදි. මෙහි ප්‍රථම පාලක මණ්ඩල නියෝජනය කරන ලද්දේ එඩ්වාඩා කන්‍යා සොයුරිය සහ බ්ලන්ඩා, බි්‍රයටිස්, ශාමෙල් යන ගුරුවරියන් ය. මෙම පාසල 1965දී ලාංකික සදා සරණ නිකායේ කන්‍යා සොයුරින්ගේ පාලනය යටතේ පත් කෙරුණ අතර 1978න් පසුව බිහිරි ළමුන්ට සඳහා පමණක් අධ්‍යාපනය ලබා දෙන ලදි(පෙරේරා,2011:95).

මේ ආකාරයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ දි ශ්‍රී ලංකාවේ ඇතිකළ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ව 1948 අධ්‍යාපනය පිළිබඳ විශේෂ කාරක සභා වාර්තාව මඟින් ද ප්‍රකාශායට පත් කර ඇත(පෙරේරා,2011:2). එමගින් තහවුරු වන්නේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන අධ්‍යාපන ක්‍රමය නෛතික රාමුවක් තුළ සකස් වූවක් බවයි. 1948 දක්වා ක්‍රියාත්මක වෙමින් පැවති විශේෂ පාසල් ක්‍රමය නිදහස ලබා ගැනීමෙන් පසුවත් ක්‍රියාත්මක වන ආකාරයක් දැකගත හැකි ය. 1948න් පසු කතෝලික පාසල් වලට සීමා වූ විශේෂ පාසල් ක්‍රමයේ ආභාෂයෙන් 1958-1962 වකවානුවලදි බෞද්ධ අඳ බිහිරි විද්‍යාල ආරම්භ කරන ලදි(පෙරේරා,2011:95). තව ද සිංහල මාධ්‍යයෙන් පමණක් නොව දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දෙන විද්‍යාලයක් 1951 දී ‘යාපනයේ කයිනඩි අඳ බිහිරි විද්‍යාලය’ නමින් ආරම්භ විය (https://www.divaina.com). ඉන් පසු 60-70 දශක වල රත්මලාන, මහනුවර, මහවැව, බලංගොඩ, අනුරාධපුරය, රාගම, මාතර යන ප්‍රදේශ වල දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා අධ්‍යාපන ආයතන ඇති කරන ලදි. මෙහි සඳහන් වන්නේ එවන් ස්ථාන කිහිපයක් පමණක් වන අතර අද වන විට අධ්‍යාපන අමාත්‍යාශය යටතේ ලියාපදිංචි කළ උපකෘත පාසල් නමින් හඳුන්වන විශේෂ පාසල් 25ක් ලංකාව පුරා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දීම සිදු කරයි (https://www.moe>e.pdf).

image 5
රත්මලාන අඳ බිහිරි විද්‍යාලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් පළ කරන මුද්දරයක්

බ්‍රිතාන්‍ය පාලන සමයේ දී ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ විශේෂ අධ්‍යාපනයම පමණක් නොවේ. එය නිවාස යෝජනා ක්‍රම ඇති කිරීම දක්වා පුළුල් විය. රත්මලාන අඳ බිහිරි පාසලේ මිෂනාරි පාලක මණ්ඩලය විසින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රමයක් ඇති කිරීමේ අවශ්‍යතාවය වටහා ගනිමින් කටුනායක ප්‍රදේශයේ නිවාස හතක් ඉදිකරවා ඇත. මෙම නිවාස යෝජනා ක්‍රමයේ දී ළිඳක් සකසා මෝටරයක් යොදා ජලය සම්පාදනය කළ බව සඳහන් වීමෙන් හෙළි වන්නේ මේවායෙහි පදිංචි කළ දෘෂ්‍යාබාධිත පවුල් වල මූලික අවශ්‍යතා පිළිබඳ ව සැලිකිලිමත් වූ බවය. නිවාස ලබාදීමෙන් නොනැවතුන මෙම ක්‍රමය තුළ පදිංචි කරවන ලද දෘෂ්‍යාබාධිත පවුල් පිළිබඳ සොයා බැලීමේ සේවාවක් ද පවත්වා ඇති බව තොරතුරු වල සඳහන් ය. පසුකාලීනව කටුනායක, ගිංතොට, එඩ්රමුල්ල, කටුබැද්ද යන ස්ථාන වල ද මෙවන් නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක වූ අතර මෙහි විශේෂත්වය වන්නේ ජාතික නිවාස යෝජනා ක්‍රමවලට අනුකූලව එය සිදු කර තිබීමයි. 1980දශකයේ මුල් භාගයේ දී දිවංගත ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා ආබාධ සහිත පුද්ගලයන් උදෙසා ආරම්භ කළ “නයනාලෝකගම නිවාස යෝජනා ක්‍රමය” සඳහා ද මූලික අඩිතාලම වූයේ බ්‍රිතාන්‍ය යුගයේ සිටි මිෂනාරි පාලක මණ්ඩලයේ නිවාස යෝජනා ක්‍රමය බව පොදු පිළිගැනීමයි(පෙරේරා,2011:81). තව ද බ්‍රිතාන්‍ය යුගයේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ක්‍රියාත්මක කළ වැඩසටහන්හි ආභාෂයෙන් එහි තවත් දියුණු තත්ත්ව ඇති කර ගැනීමට පශ්චාත් යටත් විජිත වාසීන්ට හැකි විය. එවන් සිද්ධි ගණනාවක් අතර කිහිපයක් පමණක් මෙලෙස දැක්වේ.

ආබාධ සහිත පුද්ගලයන් විවිධ කර්මාන්ත සඳහා යොමු කළ බව ඉහත දී සඳහන් කරන ලදී. මෙලෙස ආරම්භ කළ සාම්ප්‍රදායික කර්මාන්ත වල තවදුරටත් ආබාධ සහිත වූවන් නිරත කිරීම සුදුසු නොවන බව 1957දී ලංකාවට පැමිණි ලෝක කම්කරු සංවිධානයේ විශේෂඥ එඩ්ගා මාලන් මහතා සඳහන් කර තිබිණ. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වලින් අන්ධ පුද්ගලයන් මුදවා ප්ලාස්ටික් කර්මාන්ත සඳහා යොමු කළ ද මෙතුමා යළි මව් රටට යාමෙන් පසු එම ආයතන වැසී ගියේ ය. නමුත් ඔහුගේ වාර්තා වලට අනුව අම්පිටිය හා වත්තේගම වාවින්න ප්‍රදේශ වල අන්ධ සහ බිහිරි පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබූ බව සඳහන් ය(පෙරේරා,2011:91). එපමණක් නොව පසුකාලීව ආබාධ සහිත ප්‍රජාව විසින් ම ඔවුන් සඳහා වන විවිධ සමිති සමාගම් පිහිටුවා ගැනීම දක්වා ම දියුණූ වූ අතර 1950 දී රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය කේ.සී.සයිමන් මහතා විසින් අන්ධ ළමුන් සඳහා උචිත වන ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවක් හඳුන්වාදීම වැනි කටයුතු මඟින් ඔවුන් සිය අරමුණු ජය ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමේ නිරත වූ බව හඳුනා ගත හැකි ය(පෙරේරා,2011:41). 1948න් පසු ඒ ආසන්න කාලසීමාවේ දී තවදුරටත් ආබාධ සහිත පුද්ගලයන් උදෙසා ය පාලන සමයේ දායාදයන් වැඩිදියුණු වෙමින් ක්‍රියාත්මක වූ බව මෙම තොරතුරු මඟින් සනාථ වේ. නමුත් පශ්චාත් යටත් විජිත සමය 1948න් මෑත් වන්නට පටන් ගැනීමත් සමඟ ආබාධ සහිත පුද්ගලයන් විවිධ කර්මාන්ත සඳහා යොමු කළ බව ඉහත දී සඳහන් කරන ලදී. මෙලෙස ආරම්භ කළ සාම්ප්‍රදායික කර්මාන්ත වල තවදුරටත් ආබාධ සහිත වූවන් නිරත කිරීම සුදුසු නොවන බව 1957දී ලංකාවට පැමිණි ලෝක කම්කරු සංවිධානයේ විශේෂඥ එඩ්ගා මාලන් මහතා සඳහන් කර තිබිණ. සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත වලින් අන්ධ පුද්ගලයන් මුදවා ප්ලාස්ටික් කර්මාන්ත සඳහා යොමු කළ ද මෙතුමා යළි මව් රටට යාමෙන් පසු එම ආයතන වැසී ගියේ ය. නමුත් ඔහුගේ වාර්තා වලට අනුව අම්පිටිය හා වත්තේගම වාවින්න ප්‍රදේශ වල අන්ධ සහ බිහිරි පුද්ගලයන් සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබූ බව සඳහන් ය(පෙරේරා,2011:91). එපමණක් නොව පසුකාලීව ආබාධ සහිත ප්‍රජාව විසින් ම ඔවුන් සඳහා වන විවිධ සමිති සමාගම් පිහිටුවා ගැනීම දක්වා ම දියුණූ වූ අතර 1950 දී රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය කේ.සී.සයිමන් මහතා විසින් අන්ධ ළමුන් සඳහා උචිත වන ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවක් හඳුන්වාදීම වැනි කටයුතු මඟින් ඔවුන් සිය අරමුණු ජය ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමේ නිරත වූ බව හඳුනා ගත හැකි ය(පෙරේරා,2011:41). 1948න් පසු ඒ ආසන්න කාලසීමාවේ දී තවදුරටත් ආබාධ සහිත පුද්ගලයන් උදෙසා බ්‍රිතාන්‍ය පාලන සමයේ දායාදයන් වැඩිදියුණු වෙමින් ක්‍රියාත්මක වූ බව මෙම තොරතුරු මඟින් සනාථ වේ. නමුත් පශ්චාත් යටත් විජිත සමය 1948න් මෑත් වන්නට පටන් ගැනීමත් සමඟ සාර්ක ආරම්භයක පැවැත්ම රඳවා ගත නොහැකි වූ බව 1960දී පාසල් රජයට ගැනීමේ අවස්ථාවේදී ශාරීරික හා මානසික ආබාධ වලින් පෙළෙන අය අධ්‍යාපනය ලබන පාසල් රජයට නොගන්නා බව ට නීති සම්පාදනය කිරීම වැනි පසුකාලීන අවධියේ සිද්ධීන්හි ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් තහවුරු වේ.

සාර්ක ආරම්භයක පැවැත්ම රඳවා ගත නොහැකි වූ බව 1960දී පාසල් රජයට ගැනීමේ අවස්ථාවේදී ශාරීරික හා මානසික ආබාධ වලින් පෙළෙන අය අධ්‍යාපනය ලබන පාසල් රජයට නොගන්නා බව ට නීති සම්පාදනය කිරීම වැනි පසුකාලීන අවධියේ සිද්ධීන්හි ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් තහවුරු වේ.

බ්‍රිතාන්‍ය යුගය තුළ ආබාධ සහිත පුද්ගල ඉතිහාසයෙන් අනාවරණය වන සුවිශේෂි කරුණක් වන්නේ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය උත්තේජනය ලබා දෙන්නේ දානපතියන්, ආගමික පූජකවරුන් සහ පූජකවරියන් වීමයි. මේ සියලු කරුණු තුළ ඇත්තේ රජයේ බලපෑමකින් තොර ව සිදු කළ එහෙත් රජයේ අවධානය දිනාගත් මානුෂීය ක්‍රියාවන් ය. නිවාසගත කිරීම, නේවාසිකාගාර සහිත විශේෂිත පාසල් ඇති කිරීම, මානසික රෝහල් හා අක්ෂි රෝහල් පිහිටු වීම, නිවාස යෝජනා ක්‍රම, වෘත්තීය පුහුණුව ලබාදීම සහ රැකියා සඳහා යොමු කිරීම වැනි කර්ව්‍ය මඟින් ඉලක්ක ගත පිරිසක් ලෙස ආබාධ සහිත පුද්ගලයන්ගේ සෞඛ්‍යාරක්ෂාව, ජීවිතාරක්ෂාව, හා අධ්‍යාපනයෙන් පොහොසත් කර ඔවුන්ගේ අනාගත ජීවිතයට අත්වැලක් වීමට අවශ්‍ය පසුබිම ඉතා සාර්ක ව මෙම යුගයේ සකස් කර ඇති බව උක්ත සියලු තොරතුරු තුළින් පැහැදිලි වේ.

image 11

End of content!!!