සමාජය සහ මානව ප්‍රජාව
සමාජය යනු ගතික ප්‍රපංචයකි. එය විවිධ පුද්ගල සමූහයකින් සමන්විත වේ. එම පුද්ගල සමූහ වල විවිධත්වය බාහිරෙන් දෘශ්‍යමාන වන්නක් පමණක් නොව අභ්‍යන්තරිකව ද පවතින්නකි. කුඩා, අනු කුඩා ඒකක වලින් සංගෘහිත සමාජයේ විවිධ විභේදනයන් සමුහයක් දැකගත හැකි ය. සමාජයක කුඩාම තැනුම් ඒකකය වන්නේ පවුලයි. පවුල් සමූහයක සිටින පුද්ගලයන් අතර ගොඩනැඟුණු සබඳතාවයන්ගේ සංකලනයක් සමාජය තුළ දැකගත හැකිය. එවන් සමාජයක ඉදිරි පැවැත්ම උදෙසා කරුණු කිහිපයක් අවශ්‍ය වේ. එනම්
- පරිසරයට අනුව පැවැත්ම රැක ගැනීමේ හැකියාව
මෙම කරුණ යටතේ ආහාර සපයා ගැනීමේ හැකියාවට ප්‍රමුඛත්වය හිමි වේ. - ප්‍රජනන ක්‍රියාවලිය
සමාජයට අවශ්‍ය නව සාමාජිකයන් හඳුන්වාදීමේ ක්‍රියාවලිය මෙමගින් සිදු වේ. විවාහය හා පවුල යන සබඳතා වැදගත් වන අතර අඹු දරු සුරක්ෂිතතාව සපයා ගැනීමේ හැකියාව ද මීට අයත් වේ. - 3.සංස්කෘතිය
සංස්කෘතියක පැවැත්ම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන හුරුපුරුදු, ධර් මතා සහ පිළිපැදීම් මත රඳා පවතී. - දේශපාලන ස්වාධීනත්වය
මිනිස් සමූහයක් එකට එක් වී සිටින නිශ්චිත භූමි ප්‍රදේශයක පවතින්නා වූ අධිකාරිමය බලයයි. (si.m.wikipedia.org(2014)
සමාජයකට එකතු වන නවක සාමාජිකයන් උක්ත කරුණු කිහිපයට අනුව හැඩ ගැසීමේ ක්‍රියාවලිය හෙවත් සමාජානුයෝජනය වීමේ ක්‍රියාවලිය මත සමාජයක විකාශනය හෝ විනාශය තීරණය කරයි. ගතික ප්‍රපංච සහිත සමාජයක සිටින මානව ප්‍රජාව තුළ පවත්නා විවිධතා ස්වභාවිකව හෝ කෘතිම ව නිර් මාණය විය හැකි ය. සාමාන්‍ය මිනිස් පුද්ගලයෙකුගේ බාහිර හා අභ්‍යන්තරික ගති ස්වභාවයන්ගෙන් වෙනස් වූ ලක්ෂණ පෙන්නුම් කරන කිසියම් ආබාධයකට පත් වූ පුද්ගලයන් ද විවිධතා සහිත පුද්ගල කොට්ඨාශයට අයත් වේ. එකම මානව ප්‍රජාවක් ලෙස දේශපාලන, සංස්කෘතික, ආර් යන අංශයන් තුළ ආබාධිත ප්‍රජාවගේ හැසිරීම තීරණය කරන ප්‍රබලම සාධකය සමාජය වේ. සාමාන්‍ය පුද්ගලයෙකුට මෙන් සමාජයේ පැවැත්ම උදෙසා වන ක්‍රියාවලියට මුහුණ දීම ඔවුන්ට අභියෝගයකි. එම අභියෝගයන්ට විවිධාකාරයෙන් මුහුණ දෙමින් සමාජයේ ජීවත් වන ආබාධිත ප්‍රජාවගේ පැවැත්ම තීරණය වන්නේ සෙසු මානව ප්‍රජාව ඔවුන් කෙරෙහි දක්වන්නා වූ සංවේදීතාවය මත ය.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සමාජ මතවාද හා ආකල්ප
ශාරීරිකව ආබාධයට ලක් වූ පුද්ගලයන් මානසික ආගාධයට ඇද දමන කරුණක් ලෙස ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ සමාජ මත හා ආකල්ප පෙන්වා දිය හැකි ය. ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළු ව බොහෝ රටවල් නීති අණපනත් හඳුන්වා දුන්න ද ක්‍රියාත්මක වීමේ දී රටින් රටට, සමාජයෙන් සමාජයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට පිළිගත් විස්වාසයන් අනුව සමාජ මතවාදයන් වෙනස් වේ. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ගත්කළ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ව මුල් බැසගත් යහපත් අයහපත් සමාජ මත සමුදායක් පවතී. එම ඇතැම් සමාජ මතවාද එක් එක් සමාජය පිළිගන්නා ආගමික මතවාද සමග ද ඒකාබද්ධ ව ගොඩ නැගී තිබේ. සමාජය විවිධත්වය පිරි මිනිසුන්ගෙන් ගොඩනැඟී පවතින්නකි. එබැවින් විවිධ වූ ආකල්ප සහිත වූ මිනිසුන් අතර ආබාධිත පුද්ගලයන් සමාජගත වී ජීවත් වීමේ දී අභියෝග රැසකට මුහුණ දෙනු ලබයි. ඒ අතරින් පවුල සහ ප්‍රජාව තුළ පවතින ආකල්ප හා මිථ්‍යා මතවාද ආබාධ සහිත පුද්ගලයන්ගේ ජීවන පැවැත්මට ඇති අභියෝගයන් ලෙස හඳුනාගෙන තිබේ. ලෝකය තුළ ආබාධ සහිත පුද්ගල සුබසාධන සංකල්පය ද ගොඩ නැඟෙන්නේ සමාජ ආකල්පවල ප්‍රතිඵලයක් ලෙස ය. එලෙස පෝෂණය වූ සංකල්ප අතර ආබාධ සහිත පුද්ගල ජීවිත සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක වූ සහ වර් තමානයේ ද ක්‍රියාත්මක වන ආකෘතීන් වර් ග ත්‍රිත්වයක් හඳුනා ගැනේ.
පුණ්‍ය ආකෘතිය – පින ලබා ගැනීම අරමුණු කර ගත් ආකෘතියක් මත පිහිටා ආබාධිත පුද්ගලයන් සඳහා උපකාර කිරීම සිදුවේ.
වෛද්‍ය ආකෘතිය – මෙය වැදගත් සංකල්පයක් ලෙස හඳුනා ගැනේ. ආබාධිතභාවය සම්පූර්ණයෙන් හෝ අර් ධ වශයෙන් නැති කිරීම, ආබාධිතභාවයට අභියෝග ජය ගැනීමට උපකාරී වන කෘතිම අත් පා ආදී ය නිෂ්පාදනය කිරීම.
සමාජ ආකෘතිය – ආබාධිතභාවය සමාජය සාමාන්‍ය දෙයක් ලෙස දැකීම.
ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව වන සමාජ මතවාද දිගු කාලයක සිට මුල් බැසගත් සමාජ ආකල්පවල ප්‍රතිඵලයකි. ශ්‍රී ලංකාව තුළ ආබාධිතභාවය හඳුනා ගන්නා ආකාරය සහ ඒ සඳහා ලාංකීය සමාජයේ පවතින මතවාද මඟින් ඇති කරන බලපෑම පිළිබඳ ව විමසා බැලීම වැදගත් වේ.
ආබාධ සහිත පුද්ගලයකුට “කිසිවක් කළ නොහැකිය ඔවුන්ට සියළු දේම කරගැනීමට උපකාරී විය යුතුය.”
මෙම මතය පවුල සහ සමාජය තුළ අදටත් පවතින්නකි. ආබාධ සහිත පුද්ගලයෙකු සිටින පවුලක එම පුද්ගලයාට ස්වයං තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක වීමේ දී පවුලේ සාමාජිකයන්ගේ මැදිහත් වීමට භාජනය වීමට සිදුවේ. කිසිවක් කළ නොහැකිය යන ආකල්පය තුළ යමක් කිරීමට උත්සහ දැරීමට වත් ඔවුනට අවස්ථාවක් නොලැබී යයි. එමගින් සිදුවන්නේ තවකෙක් මත යැපීමේ ක්‍රමවේදයට ඔවුන් හුරුවීමයි. එය ඔවුන්ගේ ස්වාධීනත්වයට බාධාවකි. නමුත් මෙවන් මතවාද බිඳ හෙළන ලද ආබාධ සහිත පුද්ගල චරිත කොතෙකුත් සමාජය තුළ දක්නට ලැබේ.
ආබාධ සහිත පුද්ගලයන් බිහිවන්නේ පූරුවේ කරුමයකට, පවකට, අපලයකට හෝ විවිධ අදෘශ්‍යමාන බලවේග වල බලපෑම් මතය.
මෙම මතවාදය බහුතරයක් දෙනා පිළිගන්නට කැමැති මතවාදයකි. ආබාධිතභාවය පුද්ගලානුබද්ධ කාරණාවක් බවට පිළිගැනෙන්නේ මෙබඳු මතවාද තුළ ය. එසේ ම කර් ම සංකල්පය ද අදෘශ්‍යමාන බලවේග සංකල්පය ද එක් වූ ආගමික පසුබිමක් සහිත මතවාදයන් තුළ ඔවුන්ට යහපත් මෙන් ම අයහපත් ආකාරයෙන් ද බලපෑම් කරනු ලබයි. ආගමික මඟ පෙන්වීම මත සානුකම්පිත දෘෂ්ටියෙන් ආබාධිත පුද්ගලයන් දෙස බැලීම, පින් උදෙසා ඔවුන්ට උපකාර කිරීම හා රැකවරණ සැලසීම එහි යහපත් ප්‍රතිඵල වේ. එසේ වුවත් එහි අයහපත් ප්‍රතිඵල බහුල ය. එවන් ප්‍රතිඵල ලෙස,
■ ආබාධ සහිත පුද්ගලයෙකු සිටීම සමස්ත පවුලේ සාමාජිකයන්ට අයහපත් ආකාරයෙන් බලපාන්නක් බව පිළිගැනීම.
■ ඔවුන් තුළ පවතින ශක්තීන් හඳුනා ගැනීමට අවස්ථාවක් ලබා නොදීම.
■ ආගමික කටයුතු වලට ආබාධ සහිත පුද්ගලයන් සහභාගි කරවා නොගැනීම සහ සහභාගි වීම පිළිබඳ අප්‍රසාදයට ලක්වීම .
■ පූජක පක්ෂය හෙබවීමේ අවස්ථාව අහිමි වීම. (අඳ, ගොළු, බිහිරි,කොර පුද්ගලයන් බඳවා නොගැනීම)
■ නායකත්වයට පත්වීමේ අවස්ථා ලබා නොදීම.
■ විශේෂිත අවස්ථා සඳහා සහභාගිත්වය සීමා කිරීම.
යන කරුණු පෙන්වාදිය හැකි ය. මෙබඳු තත්ත්වයකට පත්වීම මඟින් ආබාධිත පුද්ගලයන් හුදෙක් සමාජ රැකවරණිතයන් කොටසක් බවට පමණක් පත්වීම සිදු වේ. මෙම හේතු නිසා පුද්ගලයාට කළ හැකි දේ කිරීමට, කිව හැකි දේ කීමට, යා හැකි දුර යාමට, තම ප්‍රජාව තුළ ගැවසීමට ඇති ඉඩ ප්‍රස්ථාව අහිමි වීම යනාදි ය සිදු වේ.
ආබාධ සහිත පුද්ගලයෙකු උදෑසන දැකීම අසුබ ලකුණක් බව
පුද්ගලයකු උපතින් හෝ පසු කාලීනව ආබාධිතභාවයට පත් වන්නේ තමාගේ අභිමතය පරිදි නො වේ. ශාරීරිකව පීඩාවට පත්වන පුද්ගලයාට ඊළඟට මුහුණදීමට සිදුවන දැවැන්තම අභියෝගය වන්නේ මෙබඳු සමාජ මතවාදයන් හමුවේ මානසිකව පීඩාවට පත්වීමට සිදුවීමය. දේහ ලක්ෂණ විද්‍යාවන්, සිහින පලාපල හා පෙරනිමිති ලක්ෂණ ආදිය තුළින් සමාජගත කරන වැරදි මතවාදයන් මගින් ආබාධ සහිත පුද්ගලයන් තවදුරටත් පීඩාවට පත් කරයි. පුද්ගලයෙකුගේ දෛනික ජීවිතයේ සුභ අසුබ බව තීරණය වන්නේ තමා කරන කියන දේවල් වල ප්‍රතිඵලයක් ලෙසින් මිස තවත් පුද්ගලයෙකුගේ ශාරීරික හෝ මානසික ආබාධිතභාවය හෝ එබඳු පුද්ගලයෙකු දර් වීම මගින් නොවේ. නමුත් මෙකී යථාර්ථය පිළිනොගැනීම තුළ තම නොහැකියාවන් සහ දෛනික ජීවිත අඩාල වීම ආබාධිත පුද්ගලයකු උදෑසන දර්ශනය වීම මත පැවරීම හාස්‍යජනකය.
ආබාධ සහිත දරුවකු හෝ පුද්ගලයකු අධ්‍යාපනය හැදෑරීම අවශ්‍ය නොවන බව.
අතීතයේ පමණක් නොව වර් තමානයේ ද මෙම මතවාදය තවදුරටත් මුල් බැස තිබෙන්නකි. ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වෙන් කරන ලද අධ්‍යාපන ආයතන පවතින අතර එබඳු දරුවෙකු සාමාන්‍ය දරුවන් සමග අධ්‍යාපනය හැදෑරීමට යොමු වීමේදී බලධාරීන්ගේ ද දෙමව්පියන්ගේ ද දෝෂ දර්ශනයට ලක්වන අවස්ථා සමාජය තුළ කොතෙකුත් දැකගත හැකි ය. එමඟින් ඔවුන්ගේ අධ්‍යාපන අවස්ථා සීමා කිරීමක් සිදු වේ. මෙමඟින් සිදු වන්නේ ආබාධ සහිත දරුවන් සම වයස් දරුවන් සමග ගැටීමෙන්, අදහස් හුවමාරු කර ගැනීමෙන් හා ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් අනෝන්‍ය සබඳතාවන් ඇති කරගැනීමේ අවස්ථා අහිමි කරමින් ඔවුන් ආබාධ සහිත ප්‍රජාව තුළම පමණක් කොටුකර තැබීමට කටයුතු කිරීමකි. නූතන තාක්ෂණික දියුණුව සමඟ යම්තාක් දුරකට ආබාධ සහිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය මෙබඳු සමාජ ආකල්ප වලින් බැහැර ව ඉටුකර ගැනීමට අවස්ථාව උදා කර දී තිබේ. තව ද කථනාබාධිත සහ ශ්‍රවණාබාධිත වූවන් සඳහා මාතර ප්‍රදේශයේ භාවිත කරන ලද හෝඩියක් පිළිබඳ ව තොරතුරු වාර්තා වේ. එය පහත දක්වා ඇත.
“සිංහළ ගොළු බිහිරි හෝඩිය
(මාතර පළාතේ පැවැති හස්තමුද්‍රාව)
අ – යනු නලළ මැද, ඉ – යනු බැමය දනු,
උ – යනු ඇසට, නාසෙට එ – යනු
ඔ – යනු ද සවණත, ක – යනු මුකය දනු,
ග – යනු නිකට, බෙල්ලට ච – යනු
ජ – යනු උරපිට, ඤ – යනු අතමුල,
ට – යනු කිහිලි, වැලමිට ඩ – යනු
ත – යනු අල්ල, පිටි අල්ලට ද – යනු ද,
න – යනු ළමැද, තනපිට ප – යනු
බ – යනු බඩ මැද, ම – යනු උකුල දනු,
ය- යනු කලව, දනඉස ර – යනු
ල – යනු කොණ්ඩ වනු, ච – යනු වලලු කර,
ය – යනුට විලඹුල් නියම වනු
හ – යනු පතුල දැන, නැණයෙන් විමසා
ඇල්ලූ තැනින් තැන බලා ගනු
කියනු මෙසේ මේ හස්තය මුල් කර
නැණයෙන් විමසා තෝරා ගනු
ඉසට උඩින් අත ගියේ නම් – කොම්බුව,
ඉස ඇල්ලී නම් – ඉස්පිල්ලා
ඇලපිට – ඇලපිලි, නියපොතු – අල් විය
යටිපතුලට ගනු පාපිල්ලා
ඉසකේ – ඇද ලිවීමට ගන් වියතුනි
නැණයෙන් විපරම් කරපල්ලා
හස්තමුද්ද යන බාසා අකුරකි
මුවෙන් නො කිය කිය අතින’ල්ලා
ඥානාදරර්‍ශය (වීරසූරිය,2006:189)
අධ්‍යාපනයේ ද’ මෙන් ම අන්තර් පුද්ගල සන්නිවේදනයේ ද’ සවන්ද’මට සහ කතා කිරීමට ඇති හැකියාව අත්‍යවශ්‍යම සාධකයන් ය. එහෙත් කථන හා ශ්‍රවණ ආබාධිතතාවයට පත් වූ පුද්ගලයන්හට එම හැකියාව ගිලිහි යන නිසාවෙන් හස්ත මුද්‍රා භාවිතයෙන් එම අවශ්‍යතා සපුරා ගනී. සාමාන්‍ය මිනිසුන් සමඟ කටයුතු කිරීමේ ද’ එය පහසු කාරණයක් නොවන නිසාවෙන් කථන හා ශ්‍රවණ ආබාධිතතාවයට පත් වූ පුද්ගලයන්ගේ අදහස් දැනගැනීම සඳහාත් අධ්‍යාපනික කටයුකු සඳහාත් මෙවන් හෝඩියක් නිර්මාණය වන්නට ඇත. ඒ අනුව සාමාන්‍ය පුද්ගලයන් හා කථන ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන් අතර ඇති වන පුද්ගල දුරස්ථභාවය නැති කිරීම සඳහා ද මෙම හෝඩිය යොදා ගත හැකි ය. මෙය ලාංකීයන් ආබාධ සහිත පුද්ගලයන්ගේ අධ්‍යාපන හා සන්නිවේදන අවශ්‍යතා සඳහා දැක් වූ මනා සංවේදීතාවය පිළිබිඹු කරයි.
ආබාධ සහිත පුද්ගලයන් හා විවාහ වීමත් එබඳු පුද්ගලයන් සිටින පවුල් වලින් විවාහය සිදුකර ගැනීමත් නොගැලපෙන දෙයක් බව.
ආබාධ සහිත පුද්ගලයන් දෙදෙනෙකු හෝ ආබාධ සහිත පුද්ගලයෙකු ආබාධ රහිත පුද්ගලයකු සමඟ විවාහ වීම පවුල්වල සහ සමාජ අනුමැතිය නොලැබී යන තත්ත්වයක සිදුවන විවාහයක් ලෙස පිළිගැනේ. එසේ ම එබඳු ආබාධ සහිත පුද්ගලයකු සිටින පවුලකින් විවාහයක් සිදුකර ගැනීම ලැජ්ජාවට කාරණයක් ලෙසත් ජානමය බලපෑම් මත පවුල්වල සාමාජිකයන්ට ද උපදින දරුවන්ටත් එම ආබාධිත තත්ත්ව උරුමවේය යන බියත් ආබාධ සහිත තැනැත්තෙකු රැකබලා ගැනීමට සිදුවේය යන බියත් යන හේතු නිසා එවන් පවුල්වල සාමාජිකයන්ගේ විවාහයන් සිදු කිරීමට අවසර නොලැබීමේ අවස්ථා ද පවතී. පශ්චාත් යුද සමයේදී බොහෝ අවස්ථාවල ආබාධිත රණවිරුවන්ගේ විවාහය සම්බන්ධ ගැටළු වලට මුහුණ පෑ අවස්ථා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
සංස්කෘතික උත්සව වල ඇති ක්‍රීඩා ආබාධිත භාවය හැඟවෙන ආකාරයෙන් නම් කිරීම
මෙම සංස්කෘතිකමය වරද අනාදිමත් කාලයක සිට සිදු වන්නකි. සිංහල හින්දු අලුත් අවුරුද්දට සිදු කරන ‘කණා මුට්ටි බිඳීම’ හා ‘අන්ධයට කිරි කැවීම’ වැනි ක්‍රීඩා උදාහරණ ලෙස හඳුනාගත හැකි ය. පසු කාලීනව ඇති වූ සාකච්ඡා සහ මතවාද ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කණා මුට්ටි බිඳීම, ‘වාසනා මුට්ටි බිඳීම ලෙස ව්‍යවහාරය වීම ආරම්භ කරන ලද’. එපමණක් නොව විවිධ ඇඳුම් තරඟය/විකට ඇඳුම් තරඟය තුළත් නිරන්තරයෙන් හාස්‍ය උත්පාදනය සඳහා ආබාධිත තත්ත්ව නිරූපණය කරනු දැක ගත හැකිය.
අභිචාර තුළ ආබාධිත තත්ත්වයන් පිළිබඳ ව අන්තර්ගත ව තිබීම
පුරාතනයේ පටන් අද දක්වාම පැවත එන අභිචාරයන් තුළ ආබාධිත තත්ත්වයන් සම්බන්ධ ඇතැම් අංග අන්තර්ගතව පවතින අවස්ථා ගණනාවක් හමුවේ. විවිධ රෝග උපද්‍රව දුරු කිරීම සඳහා මානසික චිකිත්සක ක්‍රමයක් ලෙස සිදු කරන අභිචාර අතර දහ අට සන්නිය ප්‍රමුඛ ශාන්තිකර්මයකි. මෙම ශාන්තිකර්මය තුළ සන්නි යකුන් 18ක් සිටින අතර ආබාධිතභාවය හැඟවෙන ආකාරයේ සන්නි යකුන් පිළිබඳ ව සඳහන් වේ. තව ද එලෙස සඳහන් නොවන ඇතැම් සන්නි යකුන් මඟින් ආබාධිත තත්ත්ව ඇතිවන බව සඳහන් වේ.
වාත සන්නිය – මෙම සන්නිය තුළින් සුව නොවන හිසරදය, ඉදමුම, ඇඟ වෙව්ලුම, අත් පා සීතලව හන්දි වේදනාව හා කොර බව නිරූපණය කරයි.
ගොළු සන්නිය – මුඛය වටා වූ රැවුලක් සහිත විශාල වූ දෙකන් හා නළල රැලි තුනකින් යුක්තව ගොළු බව නිරූපණය කරයි.
“කළු ඇඳගෙන සිහිනෙන් පෙනුනොතින්
කළු පාටින් බත් ගොටු දෙක ද’පන්
රළු නෑ රේවත මුණි දැනගන්
ගොළු සන්නිය කළ ලෙඩ හැර පලයන්”
බිහිරි සන්නිය – බිහිරි බව ප්‍රධාන රෝග ලක්ෂණය වන අතර මුහුණෙහි බියකරු දත් නොමැති දෙඇස් මනාව විවෘතව ඇති ස්වරූපයෙන් හා කන් වලට පහළින් දක්නට ඇති රේඛා දෙකෙන් බිහිරි බව දැක්වෙන ආකාරයෙන් වෙස් මුහුණ නිරූපණය කර ඇත. මෙහිද’ බිහිරි වූවන් අතර ඇතිවන සංවාදයක් ලෙස හාස්‍ය උපදවන ආකාරයෙන් රංගන කාර්යයක නිරත වන බවත් වෙස් මුහුණෙහි එක් පසෙක නාගයෙකු චිත්‍රණය කර ඇත්තේ නාගයා බිහිරි සතෙකු ලෙස සැලකූ නිසා බව සඳහන් වේ. ඇතැමුන් පවසන්නේ මෙම සන්නියෙන් තාවකාලික බිහිරි බව නිරූපණය කරන බවයි.
කණ සන්නිය – අන්ධ පුද්ගලයෙකුගේ ස්වරූපය පෙන්නුම් කරන මෙම සන්නිය මඟින් හණ දණ්ඩක් අතින දරා සිටිමින් ශරීරය කැසීම, හිසරදය හා සිහිමද ගතිය රෝග ලක්ෂණ ලෙස නිරූපණය කරයි. මෙහි එක ඇසක් පමණක් කැටයම් කරනු ලබයි.
“වන පිළියෙන් අතපය කොට වීමට
උණ ගිනිජල් ඇස් දෙක නොපෙනීමට
එන කළකිරි ගොටු දෙන්නේ දෑතට
කණ සන්නිය කළ ලෙඩ නැත අද සිට”
කොර සන්නිය – දකුණතට යමගුරක් හා වමතට අතුකැටියක් ද ගෙන එක් පාදයක් කොර ගසමින් එක් අතක් සොත්ති කරමින් හිඟන්නෙකු මෙන් ද අත් පා කොර වූ ආබාධිතයෙකු හෝ අංශබාග හෝ ආඝාතය වැනි තත්ත්වයක් නිරූපණය කරන රංගනයක යෙදෙනු ලබයි. මුහුණේ එක් පසෙක මාංශ පේශී අප්‍රාණික වන ආකාරය පිළිඹිබු වන ලෙස වෙස් මුහුණ සකස් කර ඇත.
කපාල/පිස්සු සන්නිය – මනස විකෘති වූ උමතු රෝගියෙකුගේ ස්වභාවය පෙන්නුම් කරමින් සෑම විට ම බිය වූ මුහුණින් යුතු ව හඬ නඟමින් සිනාසීම වැනි නිරූපණය කරයි.
අභූත සන්නිය – භූතයන්ගේ සම්බන්ධතාවයක් නොමැතිව ඇතිවන මානසික රෝගාබාධ මෙයින් නිරූපණය කෙරේ.
භූත සන්නිය – භූත දෝෂ නිසා හටගන්නා තාවකාලික උන්මාද තත්ත්වයක් නිරූපණය කරයි
දහඅට සන්නියේ සඳහන් වන ආබාධිත තත්ත්ව තාවකාලිකව ඇතිවන ආබාධිතතාවයන් බව ඇතැම් අවස්ථා වල සඳහන් වේ. කෙසේ වෙතත් ආබාධිතතාවයන් දුරුකිරීම සඳහා මෙවන් මානසික චිකිත්සක ක්‍රමයක් පැවතීම අගය කළ යුතු සේම එමඟින් ආබාධ සහිත පුද්ගලයන් පෙන්නුම් කරන හැසිරීම් රටා කතා බහ ආදිය උපහාසයට ලක් කිරීමේ අරමුණ පිළිබඳ පැහැදිලි අර්ථ කථනයක් නොමැත.
ඉන්දිය ආභාෂයෙන් පැවත එන සංහල ජන නාට්‍ය කලාව පෝෂණය කරන පසුකාලීනව රෝ දුක් දුරලන ශාන්ති කර්මයන් ලෙසත් ප්‍රකට සොකරි හා කෝලම් නාට්‍ය තුළ ආබාධ සහිත පුද්ගල චරිත හමුවන අවස්ථා කිහිපයක් ම පවතී. කෝලම් නාටකය තුළ රජු එන මග පාවඩ එළා සරසන රෙදි අපුල්ලන්නෙකු ලෙස ජීවිකාව ගෙන යන ‘ජසයා’ නම් පුද්ගලයා පාදයක් කොර වූ බේබද්දෙකු ලෙස නිරූපණය කර ඇත. බිරින්ඳෑවරුන් දෙදෙනෙක් නඩත්තු කරන මොහුගේ චර්යාවන් උපහාසාත්මක අයුරින් නිරූපණය කළ ද ඊට යටින් දිවෙන ගැඹුරු ජීවන අවබෝධයක් ද සහිත ව කෝලම් නාටකය ගොඩනංවා තිබේ(දිසානායක2009:40-120). පූජාර්ථය සහිතව සිදු කරන සොකරි ජන නාටකය තුළ ආබාධයට ලක් වූ චරිත නිරූපණය කරනු දක්නට ලැබේ. මෙහි එන වෙදරාලගේ හා සොත්තානා නම් චරිත ද්විත්වය ශරීරයේ කිසියම් ආබාධිතභාවයකින් පෙළෙන චරිත ලෙස නිරූපණය කර ඇත (https://si.m.wikipedia.org)’. ඉහත සඳහන් කරන අභිචාර වල සමස්ත ශාන්තිකර්මයේ අරමුණු වලට අමතරව ආබාධිතභාවය පිළිබිඹු කරන රෝග හෝ චරිත ඇතුළත් කිරීමේ අපේක්ෂිත අරමුණ කුමක් ද යන්න පැහැදිලිව දක්වා නැතත් හාස්‍ය, උපහාසය, පුද්ගල ස්වභාවයන් ස්මතු කර සමාජ අවබෝධය ලබා ද’ම, රෝග සඳහා ඇති අනිසි බිය තුරන් කිරීම වැනි අරමුණු වන්නට ඇති බව උක්ත කරුණු අධ්‍යයනයේ ද’’ පැහැදිලි වේ.
පිරුළු කතා සාහිත්‍යය ආදිය ආබාධිත තත්ත්ව ඉලක්ක කර ගනිමින් ප්‍රකාශ කිරීම
සමාජයට ආදර්ශයක් ද’ම, පුද්ගලයන් උපහාසයට ලක් කිරීම, කෝපය ප්‍රකාශ කිරීම හා ඇනුම් පද කීම වැනි බොහෝමයක් අවස්ථා සඳහා සාමාන්‍ය ජන ව්‍යවහාරය තුළ පිරුළු කතා සාහිත්‍යය ආදිය යොදා ගනී. එමඟින් ආබාධිත තත්ත්ව නිරූපණය වන අවස්ථා සුලබ ය. එවන් පිරුළු කතා වලින් කිහිපයක් ලෙස ‘අන්ධයට ඇතාගේ හැටි කිව්වා වගේ, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලුවා වගේ, කොරේ පිටට මරේ, ගොළුවා කසාය බිව්වා වගේ, ගොළුවා දැකපු හීනේ වගේ, ගොළු බයියාගේ කතාන්දරය, කොටාගේ කතාන්දරය, සතර බීරි කතාව වගේ, උපන් අන්ධයට කිරිවල සුද කිව්වා වගේ’ යනාදි ය සඳහන් කළ හැකි ය.
ආබාධ සහිත පුද්ගලයන් ට තම පවුලේ සාමාජිකයෙකු අසල්වැසියකු ඥාතියෙකු පුරවැසියෙකු ලෙස නොසැලකීම.
ආබාධ සහිත පුද්ගලයන් වෙසෙන ඇතැම් පවුල්වල සාමාජිකයන් එම පුද්ගලයා සමාජයෙන් සඟවා තැබීමටත්, පවුල තුළ වෙනස් කොට සැලකීමටත් කටයුතු කරයි. එමඟින් ස්වකීය පවුල තුළ ම ආබාධ සහිත පුද්ගලයකුට ඇති අවස්ථාවන් අහිමි වීමක් සිදුවේ. තව ද පවුලේ කටයුතු වල දී ඔවුන්ගේ තීරණයන් සැලකිල්ලට බඳුන් නොවන අවස්ථා දැකගත හැකිය. සමාජය තුළ ද ආබාධිත පුද්ගලයන් තවත් එක් පුරවැසියෙකු ලෙස පිළිගැනීමට තරම් දියුණු වූ බවක් දක්නට නැත.
ආධාර අපේක්ෂා කිරීම, රැකවරණ මධ්‍යස්ථාන ඉල්ලීම හා ආබාධ සහිත පුද්ගලයන් පවුලෙන් වෙන් කර තැබීම.
ආබාධ සහිත පුද්ගලයෙකු සිටීම රජයෙන් හෝ වෙනත් සුබසාධන ආයතන වලින් ආධාර උපකාර ඉල්ලීම සඳහා වන සුදුසුකමක් කොට සැලකීමත්, එම පුද්ගලයන් රැකවරණ මධ්‍යස්ථාන වලට ඇතුළත් කර වෙන් කොට තැබීමත් සිදු වේ. මෙමඟින් පුද්ගල සංවර්ධනයට එම ප්‍රදේශය විසින් හෝ පවුල විසින් හෝ ප්‍රජාව විසින් සිදු කරනු ලබන බාධාවන් ලෙස හඳුන්වා දීමට පුළුවන(සමාජසේවා දෙපාර්තමේන්තුව,2017:4).
පුණ්‍ය කටයුත්තක් ලෙස සැලකීමෙන් යැපුම් මානසිකත්වය ගොඩ නැගීම.
නූතනයේ පවා ක්‍රියාත්මක වන නීති රීති අණපනත් ආදියෙන් සිදුවන්නේ ද ආබාධිත පුද්ගල සංවර්ධනයට වඩා සහන සුබසාධන සලසාලන යැපුම් ජීවන පැවැත්මක් ඇති කරවාලීමයි. දිගින් දිගටම මෙම ක්‍රියාවලිය සිදුවන තාක්කල් යැපුම් මානසිකත්වයෙන් මිදුණු ආබාධිත ප්‍රජාවක් දැකිය නොහැකිය. රජය හා පෞද්ගලික ආයතන, පුණ්‍ය ආයතන මගින් ද ආබාධිත ප්‍රජාවට පිහිටවීමේ පුණ්‍ය සංකල්පයක් මිස ආබාධිත පුද්ගලයන්ට ස්වකීය අභිවෘද්ධියටත් රටේ අභිවෘද්ධියටත් දායක වීමේ ක්‍රමවේදයක් හෝ සැලැස්මක් නොමැත.